ජාතික ස්වේච්ඡා ලේකම් කාර්යාලය

2019අගෝස්තු 6 වන දින ස්වේච්ඡා සේවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුමත විය. ස්වේච්ඡා සේවයේ ජාතික ප්‍රතිපත්තියේ අවශ්‍යතා සපුරාලීම, රටේ සවෙච්ඡා ප්‍රයත්නයන් සඳහා සම්මන්ධීකරණ ආයතනයක් ලෙස ක්‍රියාකිරීම සඳහා ජාතික ස්වෙච්ඡා ලේකම් කාර්යාලය (NVS) 2020.09.04 දින සිට සමාජ සේවා දෙපාර්තමේන්තුව වෙත අනුබද්ධ කරන ලදි.

මෙම කාර්යයන් කාර්යක්ෂමව සිදු කිරීම සහ රට තුළ ස්වේච්ඡා සේවයට අදාළ දත්ත සොයා ගැනීම සඳහා ස්වේච්ඡා කළමනාකරණ පද්ධතියක් මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුව හා එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවකයන් (UNV) සමඟ එක්ව සංවර්ධනය කරමින් පවතී.