දැක්ම

වෘත්තීය පුහුණුව හා සැබැඳි නිපුණතා සංවර්ධන ක්‍රියාවලියක් තුළින් විශේෂ හැකියාවන්ගෙන් සමන්විත පුද්ගලයෙකු සමාජගත කිරීම.

මෙහෙවර

ආබාධ සහිත පුද්ගලයාගේ විභවිතා හඳුනාගෙන, ප්‍රධාන ප්‍රවාහයට ඔවුන් අන්තර්ග්‍රහණය කිරීමේ උපාය මාර්ගයක් ලෙස වෘත්තීය පුහුණුව ලබා දීම හා ඒ තුළින් ඔවුන්ට සමාජානුයෝජනයට හා ජීවනෝපායට ඇති අයිතිය තහවුරු කිරීම උදෙසා වන ආයතනික කාර්ය භාරය ඉටු කිරීම.

ඉතිහාසය

1994 බලයට පත් රජය ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබාදෙන සේවා පුළුල් කිරීම වෙනුවෙන් වෘත්තීය පුහුණු ආයතන දෙකක් සබරගමුව හා වයඹ පළාත්වල ආරම්භ කිරීමට යෝජනා විය. 1995 වර්ෂයේ CBR වැඩසටහනේ වෛද්‍ය සායනක් අයගම රාහුල විද්‍යාලයේ දී පැවති අතර එහිදි ආබාධ සහිත පුද්ගලයන් විශාල ප්‍රමාණයක් වෘත්තීය පුහුණුව සඳහා යොමු කළ හැකි බව අවබෝධ විය. ඒ අනුව එවකට කලවාන ආසන සංවිධායක වු සෞඛ්‍ය, මහාමාර්ග හා සමාජ සේවා නියෝජ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ආයතනය ආරම්භ කිරිම සඳහා අක්කර 10 ක ඉඩමක් ලබා දිමට කටයුතු කරන ලදි.

1996 ජූලි මස 01 දින සෞඛ්‍ය, මහාමාර්ග හා සමාජ සේවා අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මැතිතුමා විසින් මෙම ආයතනය ආරම්භ කිරීම සඳහා මුල්ගල තබන ලදි. 2005 වර්ෂයේ දී ආයතනය ආරම්භ කිරිමට ප්‍රතිපාදන වෙන්කෙරුණි. එච්.එස්. පියසේන මහතාගේ ප්‍රදානත්වයෙන් ආයතනය පවත්වාගෙන යාමට විභවි සංවර්ධන පදනම නමින් පාලක මණ්ඩලයක් ස්ථාපිත කෙරිණි. එහි සභාපති ලෙස ප්‍රාදේශීය ලේකම් පත් කරන ලද අතර ලේකම් ලෙස සමාජ සේවා නිලධාරි නිල වශයෙන් පත් කෙරිණි. 2006 මාර්තු මස 24 දින මෙම ආයතනය බුද්ධිමය ඌණතා සහිත පිරිමි දරුවන්ට වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා ආරම්භ කරන ලදි. 2015 මාර්තු මස 01 දින එවකට සිටි සමාජ සේවා අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ මැදිහත්වීම මත කළවාන විභවි වෘත්තීය පුහුණු ආයතනය ලෙස මෙම ආයතනය සමාජ සේවා දෙපාර්තමේන්තුව වෙත පවරා ගන්නා ලදි.

දැනට ක්‍රියාත්මක කරනු ලබන පාඨමාලා

ගමන් මාර්ගය

කලවාන නගරයේ සිට මතුගම මාර්ගයේ කිලෝමීටර් 4.5 ක් පැමිණි පසු වම්පස කලවාන වෘත්තීය පුහුණු ආයතනය හමුවේ.

  • ස්ථානභාර නිලධාරී,
    කලවාන වෘත්තීය පුහුණු ආයතනය,
    පහළ කුකුලේගම, කලවාන
  • +94 452 255 017
  • +94 152 255 017
  • vibhawivti[at]gmail.com