දැක්ම

විශේෂ අවශ්‍යතා සහිත දැයේ දු දරුවන් ප්‍රධාන ප්‍රවාහයට එක් කිරීමේ ප්‍රමුඛ ආයතනය බවට පත් කීරිම.

මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකුලව සම්පත් සම්බන්ධීකරණයෙන් හා ජනතා සහභාගිත්වයෙන් යුත් තිරසාර සැලසුම් සහගත ක්‍රියාවලියක් තුළින් විශේෂ අවශ්‍යතා ඇති දැයේ දු දරුවන් තිරසාර සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත් කිරීම.

ඉතිහාසය

2006 වර්ෂයේදී එවකට සිටි සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමියගේ දැනුම් දීම මත වයඹ පළාත් සභා සමාජ සේවා අධ්‍යක්ෂ විසින් ආබාධ සහිත වූවන් සඳහා වෘත්තීය පුහුණුව සමඟ රැකවරණ මධ්‍යස්ථානයක් ලෙස මෙම ආයතනයේ ඉදිකිරීම් ආරම්භ කරන ලදි. මේ සඳහා මූලික අදියරේ දී රුපියල් මිලියන 04 ක් වෙන් කරන ලද අතර වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් තනි මහල් ගොනැගිල්ලක් ඉදිකරන ලදි.

දෙවන අදියර වශයෙන් දෙමහල් ගොඩනැල්ලක් ඉදිකිරීමෙන් අනතුරුව වයඹ පළාත් සභාවේ පැවති ඒකාබද්ධ ප්‍රවේශ වැඩමුළුවේ දී මෙම ආයතනය පිලිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට සිටි සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂගේ හා වයඹ පළාත් සමාජ සේවා අධ්‍යක්ෂගේ විශේෂ මැදිහත්වීම් මත 2014 ජුලි 15 වෙනි දින ආබාධ සහිත වූවන්ට වෘත්තීය පුහුණුව ලබා දෙන ආයතනයක් ලෙස ආරම්භ කරනු ලැබීය.

දැනට ක්‍රියාත්මක කරනු ලබන පාඨමාලා

ගමන් මාර්ගය

කුරුණෑගල, නාරම්මල හරහා මාදම්පේ නගරය හමුවීමට කිලෝමීටර් 2.5 කට පෙර හමුවන පොතුවිල ග්‍රාමයෙන් බැස, දේවාල පාරේ මීටර් 500 ක් පමණ පැමිණි පසු මෙම ආයතනය හමුවේ.

  • ස්ථානභාර නිලධාරී,
    මාදම්පේ වෘත්තීය පුහුණු ආයතනය,
    දේවාල පාර, පොතුවිල, මාදම්පේ
  • +94 322 248 588
  • -
  • vtcssdoffice.madampe[at]gmail.com