දැක්ම

සමාජයට වැඩදායී රටට ඵලදායී ස්වයං නැගී සිටීමට ශක්තිය හා ධෛර්යක් ඇති අභිමානවත් තරුණ පරපුරක් ලක්දෙරණට දායාද කිරීම.

මෙහෙවර

ආබාධ සහිත තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබාදීම තුළින් ඵලදායී රැකියාවක නියුක්තවීම හා හොඳ ජීවන තත්වයක් ලබා ගැනීමට අවශ්‍ය පුහුණුව හා මඟ පෙන්වීමෙන් රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට දායක කරවීම.

ඉතිහාසය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඟුණුකොළපැලැස්ස නගරයේ සිට කිලෝමීටර් 12 ක් පමණ ඈතින් මෙම ආයතනය පිහිටා තිබේ. මුරුතවෙල යෝජනා ක්‍රමය යටතේ නව නගරයක් පිහිටුවීමට යෝජිතව තිබූ අතර එහි මධ්‍ය මහා විද්‍යාලයක් සඳහා මෙම ගොඩනැගිලි ඉදිකර ඇත. ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයෙන් ඉදිකිරීම් කරන ලද මෙම ගොඩනැගිලි කාලයක් තිස්සේ වල් බිහි වී තිබී හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු රැස්වීමකදී මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ගොඩනැගිලි ආබාධ සහිත දරුවන්ගේ වෘත්තීය පුහුණුව සඳහා ලබා දෙන ලදි. ඒ සඳහා හම්බන්තොට දිස්ත්‍රික් හිටපු සමාජ සේවා සහකාර අධ්‍යක්ෂ ගමගේ මහතා මුල් තැන ගෙන කටයුතු කර තිබේ.

ඒ අනුව, 1981 වර්ෂයේ මාර්තු 28 වන දින සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වෘත්තීය පුහුණු ආයතනයක් ලෙස මුල්ගිරිගල පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.ඩී. ෆ්‍රැන්සිස්කු මහතාගේ මූලිකත්වයෙන් සමාජ සේවා අමාත්‍ය ගරු අශෝක කරුණාරත්න මහතා විසින් මෙම ආයතනය ආරම්භ කර තිබේ. පසුව සමාජ සේවා දෙපාර්තමේන්තුවට මෙම ආයතනය පවත්වාගෙන යාමට අපහසු වී මෙහි පාලනය සර්වෝදය ආයතනය යටතට පත් කර ඇත. වසර 10 ක් පමණ වෘත්තීය පුහුණු කටයුතු සර්වෝදය ආයතනයෙන් සිදු කිරීමෙන් අනතුරුව 1992.02.09 දින සමාජ සේවා අධ්‍යක්ෂ එන්.ඩබ්.ඊ. විජේවන්ත මහතා විසින් මෙම ආයතනය සමාජ සේවා දෙපාර්තමේන්තුවට නැවත පවරා ගෙන තිබේ.

දැනට ක්‍රියාත්මක කරනු ලබන පාඨමාලා

ගමන් මාර්ගය

  • අධිකාරි,
    තෙළඹුයාය වෘත්තීය පුහුණු ආයතනය,
    තෙළඹුයාය, අඟුණකොළපැලැස්ස
  • +94 473 489 296
  • +94 473 489 296
  • thelembuyayevtc[at]gmail.com