දැක්ම

නිපුණතාවය තුළින් ආබාධිත බව ජය ගැනීම.

මෙහෙවර

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන්ට වෘත්තීය පුහුණුව ලබාදී, ඵලදායී රැකියාවක නියුක්ත වීමට හා හොඳ ජීවන තත්වයක් ලබා ගැනීමට අවශ්‍ය පරිසරය ගොඩනැඟීමත්, ඔවුන් රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ කොටස්කරුවන් බවට පත් කිරීම අපගේ මෙහෙවර වේ.

ඉතිහාසය

1968 දී මෙම ආයතනය ආරම්භ කරනු ලබනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ආධාර මතය. සියලුම ඉදිකිරිම් හා යන්ත්‍රසූත්‍ර එම රජයේ පරිත්‍යාග වශයෙන් ලැබී ඇත. එවකට සමාජ සේවා නිලධාරියෙකු වශයෙන් සේවය කළ වීරසූරිය මහතා ඇමරිකා එක්සත් ජනපදයට යවා වෘත්තීය පුහුණුව පිළිබඳ වර්ෂයක පුහුණුවක් ලබාදී‍, ඔහු මෙම ආයතනයේ ප්‍රථම අධිකාරිවරයා ලෙස පත්කරනු ලැබීය.

දැනට ක්‍රියාත්මක කරනු ලබන පාඨමාලා

ගමන් මාර්ගය

නුවර සිට තලාතුඔය මාර්ගයේ අම්පිටිය පසුකර තලාතුඔය දෙසට කිලෝමීටර් 01 ක් දුරින් වෘත්තීය පුහුණු ආයතනය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    කැටවල වෘත්තීය පුහුණු ආයතනය,
    කැටවල, ලෙව්ල, මහනුවර
  • +94 812 219 153
  • +94 812 219 153
  • ketawalavti[at]gmail.com