දැක්ම

සාර්ථක වෘත්තීය පුහුණුවක් මගින් අනාගත අභිවෘද්ධිය සැලැසීම.

මෙහෙවර

විශේෂ අවශ්‍යතා ඇති අයවලුන් හදුනාගැනීම, පුනරුත්ථාපනය හා වෘත්තීය පුහුණුව මගින් පුද්ගලයා බල ගන්වා සමාජගත කිරීම තුළින් ආර්ථිකයට දායක කර ගැනීම.

ඉතිහාසය

ඵෙතිහාසික කන්ද උඩරට සෙංකඩගල රාජධානියේ දුම්බර මිටියාවතේ මනස්කාන්ත කඳු වලල්ලකින් වටවු සුන්දර පරිසරයක මෙම පුහුණු මධ්‍යස්ථානය පිහිටා ඇත.

දානපතියකු පරිත්‍යාග කරන ලද ඉඩමක ඉදි කරන ලද ඉතා කුඩා ගොඩනැගිලි තුනකින් 1963.02.15 දින ආරම්භ කරන ලද මෙම ආයතනයේ මුලින්ම දෘෂ්‍යාබාධිත අයවළුන් සදහා රෙදි විවීමේ පාඨමාලාවකින් පමණක් ආරම්භ වී අද වන විට වර්තමාන වෙළදපල ඉලක්ක කර ගනිමින් නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් විධිමත් හා ක්‍රමවත් පාඨමාලා 10ක් මනා පරිචයලත් උපදේශකවරුන් විසින් පවත්වා ගෙන යනු ලැබේ. මෙහි දි විශේෂ අවශ්‍යතා ඇති කාන්තා හා පිරිමි අභ්‍යාසලාභින් 100 කට වැඩි පිරිසකට නේවාසිකව වෘත්තීය පුහුණුව ලබා දීම සදහා සියළු පහසුකම් සලසා ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තම අරමුණු හා ඉලක්කයන් ජය ගැනීම සදහා අපේක්ෂා පෙරදැරිව පැමි‍‍ණෙන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ඔවුන්ගේ කායික හා මානසික ශක්තීන් වර්ධනය කර ගැනීම සදහා විවිධ වූ ක්‍රියාදාමයන් රාශියක් මත තම අනාගතය සකස් කර ගැනීම සදහා මෙම ස්ථානය තෝතැන්නක් වී ඇත.

සමාජ සේවා දෙපාර්තමේන්තුව තුළ ඇති ප්‍රමුඛතම ආයතනයක් වන මෙම ආයතනය තුල ජාතික මට්ටමේ හා ජාත්‍යන්තර මට්ටමේ කුසලතාවයන්ගෙන් හෙබි නැටුම් ගැයුම් හා ක්‍රීඩා කුසලතාවයන්ගෙන් දිවයිනේ ජය කෙහෙලි නැංවූ තරුණ තරුණියන් මේ වන විට 2386 ක ප්‍රමාණයක් පුහුණුව ලබා ඇත.

ස්වාධීනව කිසිවකුට අතනොපා රටේ ආර්ථිකයට තම දායකත්වය ලබාදීම සදහා ඔවුන් සැම විටම සැදී පැහැදී සිටින බවද ගෞරවයෙන් සදහන් කරමි.

දැනට ක්‍රියාත්මක කරනු ලබන පාඨමාලා

ගමන් මාර්ගය

නුවර සිට වත්තේගම නගරය පසුකර පන්විල මාර්ගයේ කිලෝ මීටර 3.3 ක දුරින් වාවින්න මංසන්ධිය හමුවේ. එහි සිට පන්විල දෙසට මීටර් 400 ක් දුරින් වෘත්තිය පුහුණු ආයතනය පිහිටා ඇත.

  • අධිකාරි,
    වත්තේගම වෘත්තිය පුහුණු ආයතනය,
    වාවින්න,
    වත්තේගම
  • +94 812 476 209
  • +94 812 476 209
  • socialservices.vtiwattegama[at]gmail.com