අවුරුදු 02

අන්තර්ගත විෂයයන්

  • මෙහෙයුම් පද්ධතිය
  • මයික්‍රො සොෆ්ට් ඔෆිස්
  • කොරල් ඩ්‍රෝ
  • ඇඩොබි ෆොටෝ ෂොප්
  • ඉලස්ට්‍රේටර්
  • දත්ත පද්ධති
  • පරිගණක දෘඩාංග (මූලික)

ගැහැනු / පිරිමි

  • පිරිමි
  • කාන්තා

ශ්‍රව්‍යාබාධිත, ශරීරික ආබාධිත, දෘශ්‍යාබාධිත

මධ්‍යස්ථානයේ නම පිහිටීම
1 සීදූව වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

කොළඹ - මීගමුව පාරේ, සීදූව හන්දිය පසුකර මීගමුව දෙසට කිලෝමීටර් 2.8 ක් ගිය විට හමුවන ලියනගේමුල්ල ග්‍රාමයේ දකුණු පසින් මෙම ආයතනය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    සීදූව වෘත්තීය පුහුණු ආයතනය,
    ලියනගේමුල්ල, සීදූව
  • +94 112 253 503
  • +94 112 253 503
  • vtcseeduwasrilanka[at]gmail.com
2 තෙළඹුයාය වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

  • අධිකාරි,
    තෙළඹුයාය වෘත්තීය පුහුණු ආයතනය,
    තෙළඹුයාය, අඟුණකොළපැලැස්ස
  • +94 473 489 296
  • +94 473 489 296
  • thelembuyayevtc[at]gmail.com
3 වත්තේගම වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

නුවර සිට වත්තේගම නගරය පසුකර පන්විල මාර්ගයේ කිලෝ මීටර 3.3 ක දුරින් වාවින්න මංසන්ධිය හමුවේ. එහි සිට පන්විල දෙසට මීටර් 400 ක් දුරින් වෘත්තිය පුහුණු ආයතනය පිහිටා ඇත.

  • අධිකාරි,
    වත්තේගම වෘත්තිය පුහුණු ආයතනය,
    වාවින්න,
    වත්තේගම
  • +94 812 476 209
  • +94 812 476 209
  • socialservices.vtiwattegama[at]gmail.com
4 කැටවල වෘත්තීය පුහුණු ආයතනය

ගමන් මාර්ගය

නුවර සිට තලාතුඔය මාර්ගයේ අම්පිටිය පසුකර තලාතුඔය දෙසට කිලෝමීටර් 01 ක් දුරින් වෘත්තීය පුහුණු ආයතනය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    කැටවල වෘත්තීය පුහුණු ආයතනය,
    කැටවල, ලෙව්ල, මහනුවර
  • +94 812 219 153
  • +94 812 219 153
  • ketawalavti[at]gmail.com
5 රාගම වෘත්තීය පුහුණු ආයතනය

රාගම පුනරුත්ථාපන රෝහලට පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා ඇතුලත්වන සුෂුම්නා ආබාධිත රෝගීන් මෙන්ම අනෙකුත් ආබාධ සහිත රෝගීන්ගේ අවශ්‍යතාවය පරිදි මෙම ආයතනයේ වෘත්තීය පුහුණු පාඨමාලාවන් මාස 06 සිට වසරක් දක්වා වූ කාල සීමාවක් තුළ සම්පූර්ණ කොට අවසන් කළ හැකිය. විශේෂයෙන්ම පුනරුත්ථාපන ක්‍රියාවලියේ එක් කොටසක් ලෙස වෘත්තීමය වශයෙන් ආබාධ සහිත වූවන් පුනරුත්ථාපනය කිරීම හා සවිබලගැන්වීම මෙම ආයතනයේ කාර්ය භාරය වේ.

එමෙන්ම පුනරුත්ථාපන රෝහලේ වෛද්‍ය සායනය සඳහා ලියාපදිංචිව සිටින, දීර්ඝ කාලීනව වෛද්‍ය සායන සඳහා සහභාගීවන නිවසේ සිට පැමිණිය හැකි ආබාධ සහිත තරුණ තරුණියන් සඳහාද වෛද්‍ය නිර්දේශය මත මෙම ආයතනයේ වෘත්තීය පුහුණුව සඳහා බඳවා ගැනීම සිදු කරනු ලබයි.

ඒ අනුව ආබාධ සහිත රෝගියෙකු රෝහලට ඇතුලත්වීමෙන් අනතුරුව වෛද්‍ය නිර්දේශ මත වෘත්තීය පුහුණුව ආරම්භ කළ හැකි වන ආකාරයෙන් පුහුණු පාඨමාලාවන් මෙම වෘත්තීය පුහුණු ආයතනය මඟින් ක්‍රියාත්මක වේ.

ගමන් මාර්ගය

රාගම සිට කඩවත බස් මාර්ගයේ කිලෝමීටර් 01 පමණ ඉදිරියට පැමිණි විට රාගම පුනරුත්ථාපන රෝහලේ දකුණුපස රාගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    රාගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,
    පුනරුත්ථාපන රෝහල, රාගම
  • +94 113 355 491, +94 112 958 212
  • +94 112 959 181
  • ragamavtc[at]gmail.com