• தமிழ்
  • English

41380323 10216917107909392 8594130895307276288 n

සමස්ථ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 331 හිම ස්වශක්ති සංවිධාන පිහිටුවා ඇත.ආබාධ සහිත තැනැත්තන් සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්වය නගාසිටුවීම අරමුණ කර ගනිමින් ආබාධ සහිත තැනැත්තන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ මූලිකත්වයෙන් මෙම සංවිධාන ආරම්භ කර ඇත. ආබාධ සහිත තැනැත්තන්ගේ කුසලතාවයන් වැඩිදියුණු කිරීම හා ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීම මෙම සංවිධාන විසින් සිදු කරනු ලැබේ.

ස්වශක්ති අභිමානී ජාතික සම්මාන ප්‍රදානයේ අරමුණ

සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ස්වශක්ති සංවිධානවල ක්‍රිකාරීත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් එම සංවිධාන, සමාජිකයින්, සමාජ සේවා නිලධාරීන්, ආබාධ සහිත තැනැත්තන් සඳහා රැකියා ලබාදෙන ආයතන සහ ආබාධ සහිත තැනැත්තන්ගේ කුසලතාවයන් වර්ධනය කිරීම සිදු කරනු ලබන කුසලතා සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් ඇඟයීම සිදු කරනු ලැබේ.

තරඟ අංශ

  • හොඳම ස්වශක්ති සංවිධානය තේරීම.
  • හොඳම ස්වශක්ති සාමාජිකයා තේරිම.
  • හොඳම ස්වශක්ති ව්‍යාපෘතිය / වැඩසටහන තේරීම.
  • ස්වශක්ති සංවිධානයේ මඟ පෙන්වීම මත නිවෙස් මට්ටමේදි සාර්ථකවම සමාජගත වූ සමාජිකයා තේරීම.
  • හොඳම SMART නව නිපයුම්කරු තේරීම.
  • කාර්යක්ෂමව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සේවා සැපයූ නිලධාරීයා / දිස්ත්‍රික් මට්ටමින් සේවා සැපයු නිලධාරියා / කාර්යක්ෂමව රෝහල්වල රෝගීන් සඳහා සේවා සැපයූ නිලධාරියා තේරීම.
  • ආබාධ සහිත පුද්ගලයින් රැකියාගත කිරීම සඳහා දායකත්වය දැක් වූ හොඳම සේවා යෝජකයා හෝ ආයතනය තේරීම.
  • ආබාධ සහිත දරුවන් සඳහා වන හොඳම කුසලතා සංවර්ධන මධ්‍යස්ථානය තේරීම.

ඉහත ඇගයීම් අංශ යටතේ ජාතික මට්ටමින් ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන තේරීම සිදු කර, ජාතික සම්මාන ප්‍රදාන උත්සවයක් පවත්වා එහිදි එම ජයග්‍රාහකයින්ට සම්මාන, සහතිකපත් සහ මුදල් ත්‍යාග ලබාදීම සිදු කරනු ලැබේ.