whitecaneසුදු සැරයටිය යනු දෘෂ්‍යාබාධිත තැනැත්තන්ගේ චලතාවය හා දිශානතිය පිළිබඳව අවශයතාවය පරිමසන්නාවූ මෙවලමයි. මෙම මෙවලම් දෘෂ්‍යාබාධිත තැනැත්තන්ගේ අනන්‍යතා සංකේතය ලෙසින්ද සැලකේ. සුදු සැරයටිය භාවිතා කරන දෘෂ්‍යාබාධිතයකු තුළ පරායක්තතා හැගීම අවම වන අතර, ඔවුන් තුළ සුරක්ෂිතතාව, ස්වාභිමානය සහ ස්වාධීනත්වය පිළිබඳව හැගීම් තහවුරු වේ.

දෘෂ්‍යාබාධිත තැනැත්තන්ට අදාලව මෙවැනි සුවිශේෂී මෙවලමක් වන සුදු සැරයටිය පාදක කර ගනිමින් ඔක්තේබර් 15 දින ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනය ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ. විශේෂයෙන්ම දෑස් නොපෙනෙන ප්‍රජාව කෙරෙහි දෑස් පෙනෙන සමාජයේ ඇස් අරවීම තුළින් දෘෂ්‍යාබාධිත තැනැත්තන් මුහුණ දෙන සමාජ, ආර්ථික, සංස්කෘතික, පාරිසරික ගැටළු සහ බාධක ඉවත් කරලීම මෙම දිනයෙහි අරමුනයි.