තම කිරිකැටි සිඟිත්තාට කිසියම් ආබාධයක් ඇති බව දැනගත් පසුව දෙමාපියන් මෙන්ම සමස්ත පවුල් සංස්ථාව තුළ දැඩි ගැටළුකාරි තත්වයක් උද්ගත වේ. එබැවින් ආබාධ සහිත ළමුන්ගේ සංවර්ධනය මෙන්ම දෙමාපියන්ගේ මානසික සංවර්ධනයටද කල් ඇතිව මැදිහත් වී සේවාවන් සැපයිම තුළින් උපර්ම සංවර්ධනයක් ළගා කරගත හැකි බව විද්වතුන්ගේ පිළිගැනිමයි. මනෝවිද්‍යා උපදේශන තුළින් දෙමාපියන්ගේ මානසික තත්වය ඉහල නැංවීම සදහාත්, ඉතාම කුඩා අවධියේ සිට සුදුසු විවිධ සේවා ලබා දිම තුළින් ළමුන්ගේ උපරිම සංවර්ධනය සඳහාත් ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානය මගින් කටයුතු කෙරේ. ඒ තුළින් වයස අවුරුදු 16 දක්වා වු ළමුන්ගේ සේවා සමිබන්ධීකරණය කර ඔවුන්ගේ අධ්‍යාපන හා සමාජ අයිතින් සුරක්ෂිත කරලිමත් වැඩිහිටි ආබාධ සහිත ළමුන් පිළිබඳ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වැඩසටහනට සහයෝගය ලබා දිමත් සිදු කරනු ලැබේ.

දැක්ම

පවුලේ සාමාජිකයන්ගේ හා ප්‍රජාවේ සමීප අන්තර් සම්බන්ධතා පවත්වමින්, පවත්නා ශක්තීන් හා සම්පත් උපරිම අයුරින් භාවිතා කරමින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අන් අය හා සමානව ජීවත් වීමට පහසු හිතකාමී පරිසරයක් ඇති කිරීම.

මෙහෙවර

දෙමාපියන් හා පවුලේ සාමාජිකයන් අභියෝගවලට අභිමානවත්ව මුහුණුදීම සඳහා සවිබලගන්වමින්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ උපරිම සංවර්ධනය සඳහා කල් ඇතිව මැදිහත්වෙමින්, දිරිගන්වමින්, නිසි වේලාවට ලඟා කරන්නාවූ සේවා ජාලයක් ගොඩනැංවීමේ හා සම්බන්ධීකරණය කිරිමේ මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කරමින් සේවාලාභීන් අමන්දානන්දයට පත්කිරිම.

ඉතිහාසය

ශ්‍රි ලංකාවේ වෙසෙන විවිධ ආබාධ සහිත ළමුන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කිරිම සඳහා 1994 වර්ෂයේ සිට ජයිකා (JICA) ආයතනයේ තාක්ෂණික අනුග්‍රහය යටතේ දිවයින පුරා පිහිටි රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවලට සහාය දැක්විමේ වැඩසටහනක් සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ලදි.

ඒ යටතේ පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරිම හා දෙමාපියන් දැනුවත් කිරිමේ වැඩසටහන් දියත් කරන ලදි. එවකට ක්‍රියාත්මක වු විවිධ වැඩසටහන්වල පැවති අඩුපාඩු අවම කොට ගුණාත්මක සේවාවන් දියත් කිරිමේ අරමුණ ඇතිව ජපානයේ වෙසෙන විවිධ ආබාධ සහිත ළමුන් වෙනුවෙන් දියත් කරන සෞඛ්‍ය, අධ්‍යාපන, හා සමාජ සුභසාධන සේවාවන් පිළිබඳව අධ්‍යනය කිරිමට අවස්ථාවක් ලැබිණ. එහි ප්‍රතිඵලයක් ලෙස ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගෙන ආබාධ සහිත ළමුන් සඳහා සේවා සැපයිමට කල් ඇතිව මැදිහත්වීමේ වැඩසටහනක් හදුන්වාදෙන ලදි. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ඉදි කිරිමට යෝජිත මෙම ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානය සංකල්පය 2003 වර්ෂයේදි මහරගම ස්ථාපිත කරන ලදි.

ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානයේ සේවාවන්හි සුවිශේෂිතාවය

  • ඉතාම කුඩා අවධියේ සිට සේවාවන් ලබා දිමට මැදිහත් විම. (මාස 03 සිට)
  • කායික මානසික හා අනිකුත් සුවිශේෂි ගැටළු සහිත ඕනෑම ළමයෙකුට සේවා ලබාදිම.
  • බහුවිධ වෘත්තීය සේවාවන් ඔස්සේ ළමුන් සංවර්ධනය කිරිම සදහා මැදිහත්වීම.
    (Multi-Disciplinary Team Work)
  • සේවාලාභි දරුවන් සදහා සුවිශේෂි ක්‍රමවේදයන්ට අනුව සේවා ලබා දිම.
    (Individual Assessment - Progress Review)
  • සෑම ළමයෙකුටම තනි පුද්ගල සංවර්ධන සැලැස්මක් (IEP - Individual Education Plan) අනුව සේවා සැපයීම.
  • මූලික කුසලතා සංවර්ධනය කිරීමෙන් අනතුරුව පෙරපාසල් හා විධිමත් පාසල් සඳහා යොමුකිරිම.
  • දෛනික ජිවන කුසලතා සංවර්ධනය කෙරේ මූලික අවධානය යොමු කිරිම.
  • පෙරපාසල් හා විධිමත් අධ්‍යාපනය සදහා යොමු කළ ළමුන් සඳහා පසුභාර සේවා සැපයිම.
  • සුඳුසුකම් හා අත්දැකිම් සහිත පුහුණු කාර්ය මණ්ඩලයක් සේවය කිරීම.
  • සෑම අංශයක් පිළිබඳව අවධානය යොමු කරනු ලබන පරිපූර්ණ ප්‍ර‍වේශයක් (සේවාලාභී ළමුන්/දෙමාපියන්/පවුලේ සමාජිකයන්/ප්‍රජාව) Holistic Approach

සපයනු ලබන සේවාවන්

  • විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා.
    • අධ්‍යාපනික සේවා.
    • පුනරුත්ථාපන සේවා. (කථන චිකිත්සක/වෘත්තීය චිකිත්සක/භෞත චිකිත්සක)
    • තනි හා කණ්ඩායම් පන්ති.
    • සංගීත, නැටුම්, තූර්ය වාදන ආදී සෞන්දර්යාත්මක පුහුණු පන්ති.
    • ජාතික මට්ටමේ වැඩසටහන්වලට පුහුණු කිරීම.
    • පෙරපාසල් / විධිමත් පාසල් සඳහා යොමු කිරීම.
    • සෞඛ්‍ය සායන.
    • සුහද හමු.
    • බහු ආබාධ සහිත දරුවන් සඳහා පන්ති.
    • පෙර පාසල් හා විධිමත් අධ්‍යාපනයට යොමු කරන ලද ළමුන් සදහා අවුරුදු 16 දක්වා පසුභාර සේවා.
    • මාසික උපන්දින සාද පැවැත්වීම.
  • දෙමාපියන් සහ පවුලේ සමාජිකයන් සඳහා
    • මානසික සංවර්ධනය සඳහා මනෝවිද්‍යා / උපදේශන සේවා.
    • සෞඛ්‍ය අධ්‍යාපනික සේවා වැඩසටහන්.
    • ආගමික වැඩසටහන්.
      • සීල භාවනා වැඩසටහන්.
      • නත්තල සැමරුම.
      • ප්‍රධාන ආගමික සිද්ධස්ථාන වන්දනා කිරීම.
      • අධ්‍යාපනික හා විනෝද චාරිකා.
    • සොබාදහම් චිකිත්සක ඇකඩමිය යටතේ අභ්‍යන්තරික හා බාහිර වැඩසටහන් පැවැත්වීම.
    • පවුල්වල සහෝදර සහෝදරියන් සඳහා වැඩසටහන්.
  • ප්‍රජාව සඳහා විවිධ වැඩසටහන්.
    • පෙරපාසල් ගුරු පුහුණු. (අන්තර්කරණ හා විශේෂ අධ්‍යාපන)
    • ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානය වෙනත් දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත කිරීම.
    • රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන කාර්ය මණ්ඩල දැනුවත් කිරීම.
    • දේශීය විදේශීය වෘත්තිකයන් සඳහා තොරතුරු හා සේවාවන් ලබා දීම.
    • රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමට දායක වීම.

ගමන් මාර්ගය

මහරගම - නුගේගොඩ 119 බස් මාර්ඟයේ, නාවින්න ආයුර්වේද මධ්‍යස්ථානය පසු කර පතිරගොඩ පාරේ මීටර් 500 ක් පමණ පැමිණ, සමාජ පාරේ මීටර් 100 ක් පැමිණි විට, වෙල පාරේ මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත.

  • අධිකාරි,
    ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානය,
    අංක 11, වෙල පාර, මහරගම.
  • +94 112 746 801
  • -
  • cgcmaharagama[at]gmail.com