දැක්ම

බුද්ධිමය ඌණතා සහිත ප්‍රජාවට සෙනෙහස පිරි ලොවක් ගොඩනැගීම හා ජාතික සංවර්ධනයට දායක කරවීම.

මෙහෙවර

බුද්ධිමය ඌණතාවක් සහිත ප්‍රජාවට සෙනෙහස හා ආදරය ලබා දීම තුලින් හා ඔවුන්ගේ හැකියාවන් හා දක්ෂතා වර්ධනයට අවස්ථාවක් සලසා දීමෙන් හා ඔවුන් නිශ්පාදන ක්‍රියාවලියට දායක කරවීමෙන් ජාතික සංවර්ධනයේ කොටස් කරුවන් කරවීම.

ඉතිහාසය

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නවෝදය ව්‍යාපෘතියේම අනු ශාඛාවක් වශයෙන් 2001 ජූලි මස 31 දින දෙමාපිය රැකවරණය අහිමි බුද්ධි ඌණතා සහිත පිරිමි ළමුන්ට සේවා සැපයීම සඳහා මෙම ආයතනය ආරම්භ කර ඇත. එවකට පැවති රජයෙන් මේ සඳහා පූර්ණ අනුග්‍රහය ලැබී ඇති අතර ආයතනයේ අක්කර 17 ක් පමණ වන භූමිය ගම්පහ, උඩතුත්තිරිපිටිය, වරපලාන පදිංචිව සිට නැසී ගිය ජයවීර ආරච්චිලාගේ ලුවිස් සිංඥෝ මහතා විසින් පරිත්‍යාග කොට ඇත. පසුකාලීනව ඒ මහතා සිහිවීම පිණිස මෙම ආයතනය ජයවිරු සෙවන නමින් නම් කර ඇත. මේ වනවිට ආයතනයේ පිරිමි ළමුන් 80 කට ආසන්න ප්‍රමාණයක් සදහා නේවාසික රැකවරණය සලසනු ලබයි.

ආයතනික වැඩසටහන

ගමන් මාර්ගය

කොළඹ - අවිස්සාවේල්ල හයිලෙවල් පාරේ, අවිස්සාවේල්ලට ආසන්නව පුවක්පිටිය නගරයෙන් දකුණට ඇති හේවාඉන්න පාරේ කිලෝ මිටර් තුනහමාරක් පමණ ගිය විට නෝර්ත් අම්බලම්වත්ත හමුවේ. එය පසුකර යන විට ජයවිරු සෙවණ ආයතනය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    ජයවිරු සෙවණ ආයතනය,
    නෝර්ත් අම්බලම්වත්ත, පුවක්පිටිය
  • +94 363 361 999
  • -
  • jayawirusewanasamadhi[at]gmail.com