දැක්ම

ශ්‍රී ලංකාවේ මත්ලෝලීන් පුනරුත්ථාපනය හා ප්‍රතිකාර ලබාදීමේ ප්‍රමුඛතම ආයතනය බවට පත් වීම.

මෙහෙවර

සැබෑ ජීවන දර්ශනය හා ජීවිතයේ සැබෑ සතුට කියා දීමත් හැකියාවන් ඔප් නැංවීමත් තුළින් මතට ඇති නැමියාව අවම කර මතට බිලිවූ තරුණ පරපුර ජාතික සංවර්ධනයට දායක කර ගැනීම අපගේ මෙහෙවරයි.

ඉතිහාසය

සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නවෝදය ව්‍යාපෘතියේම අනු ශාඛාවක් වශයෙන් 2007/07/31 දින පුවක්පිටිය මන්ද මානසික ළමා නිවාසය ආරම්භ කර ඇත. එවකට පැවති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ රජයෙන් මේ සදහා පූර්ණ අනුග්‍රහය ලැබී ඇත. ආයතනයට අක්කර 17 ක් පමණ වටිනා භූමියක් පරිත්‍යාග කොට ඇත්තේ ගම්පහ, උඩතුත්තිරිපිටිය, වරපලාන පදිංචිව සිට නැසී ගිය ජයවීර ආරච්චිලාගේ ලුවිස් සිංඥෝ මහතා විසිනි. පසුකාලීනව ඒ මහතා සිහිවීම පිණිස ජයවිරු ආයතනය නම් කර ඇත.

සේවාවන්

  • ශරීර සුවතාවය සදහා යෝගී අභ්‍යාස.
  • චිත්ත සමාධිය ඇති කිරීමට ආගමික වැඩසටහන්.
  • කන්ඩායම් හැගීම වර්ධනය කිරීම සදහා කන්ඩායම් වැඩසටහන්.
  • රසවින්දනය ඇති කිරීමට සෞන්දර්යාත්මක නාට්‍ය, රංගන, සංගීතමය වැඩසටහන්.
  • මානසික සමබරතාව වර්ධනය සදහා කෘෂි හා පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම්.
  • සතුට සැහැල්ලුව ඇති කිරීමට පවුල් උපදේශනය හා පෞද්ගලික උපදේශනය.
  • ජීවිතය ගොඩ නගන්නට අවශ්‍ය ශක්තිය වර්ධනය සදහා සන්ධ්‍යා හමුව හා උදා හමුව වැඩසටහන්.
  • ක්‍රීඩා වැඩසටහන්.
  • වෘත්තිකයෙකු වශයෙන් සමාජ ගත වීමට අවශ්‍ය පිළිගත් වෘත්තීය පුහුණුව.

පරමාර්ථ

  • ඔබට අහිමි වූ සතුට නැවත රැගෙන ඒම.
  • ඔබගේ මවට, බිරිදට, සොයුරු සොයුරියන්ට, දියණියට, පුතුට අහිමි වූ සෙනෙහස නැවත ගෙන එන්නට
  • මවුබිමට වටිනා පුරවැසියෙකු වන්නට.
  • ජීවිතය විදවන්නකු නොවී විදින්නෙකු කරන්නට.
  • අහිමි වූ නිරෝගී සැපත නැවත ලබන්නට.
  • අභිමානයක් සහිත පුරවැසියෙකු සේ ජීවත් වන්නට අත හිත දීමට.

ගමන් මාර්ගය

කොළඹ - අවිස්සාවේල්ල හයිලෙවල් පාරේ, අවිස්සාවේල්ලට ආසන්නව පුවක්පිටිය නගරයෙන් දකුණට ඇති හේවාඉන්න පාරේ කිලෝමිටර් තුනහමාරක් පමණ ගිය විට නෝර්ත් අම්බලම්වත්ත හමුවේ. එය පසුකර යන විට ජයවිරු සමාධිය පිහිටා ඇත.

  • ස්ථානභාර නිලධාරී,
    ජයවිරු සමාධි ආයතනය,
    නෝත් අම්බලම් වත්ත, පුවක්පිටිය
  • +94 363 362 126
  • -
  • jayawirusewanasamadhi[at]gmail.com