ප්‍රජා මූලික පුනරුත්ථාපනය කිරීම යනු ආබාධ සහිත පුද්ගලයන් සහ පවුල් බලගැන්වීම සඳහා අවශ්‍ය සේවාවන් වැඩි දියුණු කිරීමත් ඔවුන්ට සමාන අවස්ථා සම්පාදනය කිරීම හා ඔවුන්ගේ මානව හිමිකම් ආරක්ෂාකරමින් ආබාධ සහිත පුද්ගලයන් කායික, මානසික හා සමාජයීය වශයෙන් නගා සිටුවීමයි.

ආබාධ සහිත පුද්ගලයන්, ඔවුන්ගේ පවුල් හා  ඔවුන් ජීවත්වන ප්‍රජාව අතර සබඳතා තර කිරීම ප්‍රජාමූලික පුනරුත්ථාපන සංකල්පයේ මූලික අරමුණයි.

ඒ සඳහා සියළුම පුද්ගලයින්, සංවිධාන සහ ආයතන ඒකාබද්ධව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම සමාජ සේවා, අධ්‍යාපන, සෞඛ්‍ය, නීති ඇතුළු සියලුම අංශයන්හි ඒකාබද්ධව කටයුතු කිරීම අවශ්‍ය වන අතර ආබාධ සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතාවය අනුව ඒ ඒ අංශ මගින් ලබාදෙන සේවාවන් සම්බන්ධීකරණය කිරීම කළ යුතුය.

මෙය ග්‍රාමීය මට්ටමේ සිටම ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන අතර ආබාධ සහිත පුද්ගලයින්ගේ අවශ්‍යතාවයන් හඳුනා ගැනීමත් එම අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සැළසුමක් අනුව එක් එක් ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් පුනරුත්ථාපන ක්‍රියාවලිය ආරම්භ කිරීමක් සිදුවේ.

සිය පවුල තුලින් ආරම්භ කෙරෙන පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා ග්‍රාමීය කමිටු, ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු, දිස්ත්‍රික් මෙහෙයුම් කමිටු හා ජාතික මෙහෙයුම් කමිටු වල දායකත්වය ලබා දෙන අතර ආබාධ සහිත පුද්ගලයන් ස්වාධීනත්වයට පත්වන තුරුම මෙම කමිටු මගින් අවශ්‍ය සහය සහ මග පෙන්වීම ලබාදීමට කටයුතු කරනු ලැබේ.

මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය හා ප්‍රාදේශිය මෙහෙයුම් කමිටු පිළිබඳ තොරතුරු ඔබ පදිංචි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමාජ සේවා නිලධාරී / සංවර්ධන නිලධාරීන් වෙතින් ලබාගත හැක.

ක්‍රියාකාරකම්

  1. ග්‍රාමීය, ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් ආබාධ සහිත ප්‍රජාව හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධීකරණය හා සංවිධානගත කිරීම.
  2. ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් හා සමානාත්මතාවයන් තහවුරු කිරීම සඳහා ආබාධ සහිත පුද්ගලයන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හා සහායක කණ්ඩායම් සවිබලගැන්වීම.
  • ආබාධ සහිත පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා මූල්‍යමය ආධාර ලබාදීම.
  1. ආබාධ සහිත ප්‍රජාව, පවුල්, සහායක කණ්ඩායම් හා තෝරාගත් නිලධාරීන් පුහුණු කිරීම හා ඇගයීම.
  2. ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම සහ යාවත් කාලීන කිරීම.
  3. ආබාධ සහිත පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය ඉහල නැංවීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණය කිරීම.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී ඇති සී.බී.ආර්. පූරකය (CBR – Metrix)

New Picture 1