දෘශ්‍යාබාධිත තත්වයට පත්වන පුද්ගලයන්ට අවශ්‍ය සේවා සැපයීම, පුනරුත්ථාපනය කිරීම හා සහන ලබාදීම අරමුණින් අරමුදල පිහිටුවීමේ අරමුණ වේ. ශ්‍රී ලංකාව තුළ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ නව ආකල්ප වර්ධනය ආරම්භ වූයේ 1981 වර්ෂය ජාත්‍යන්තර ආබාධිත වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟය. ඒ අනුව, ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව මගින් 1992 අංක 09 දරණ දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදල නමින් පනතක් සම්මත කර රජයේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. මෙම පනතට සමගාමීව ශ්‍රී ලංකාවේ වෙසෙන දෘශ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් විවිධ සේවාවන් රැසක් මේ වනවිට ආරම්භ කර ඇත.

ක්‍රියාකාරකම්

  1. ක්‍රීඩා කටයුතු පවත්වාගෙන යාම හා වැඩිදියුණු කිරීමට දෘශ්‍යාබාධිත පුද්ගලයින් හා සංගම් සඳහා ආධාර සැපයීම
  2. පහත සඳහන් ශීෂ්‍ය කණ්ඩායම් සඳහා ශිෂ්‍යාධාර ලබාදීම
    1. දෘශ්‍යාබාධිත විශ්වවිද්‍යාල සිසුන් සඳහා
    2. දෘශ්‍යාබාධිත උසස් පෙළ හදාරන සිසුන් සඳහා
  • III. පළමු වසරේ සිට අ.පො.ස.(සා.පෙළ.) දක්වා දෘශ්‍යාබාධිත සිසුන් සඳහා
  1. දෘශ්‍යාබාධිත අඩු ආදායම්ලාභී දෙමාපියන්ගේ පාසල්යන දෘශ්‍යාබාධිත නොවන දරුවන් සඳහා ලුවිබ්‍රේල් ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යාධාර ලබාදීම
  • අක්ෂි ප්‍රතිකාර සඳහා ආධාර ලබාදීම.
  1. දෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක වන විවිධ පුනරුත්ථාපන ව්‍යාපෘති සඳහා ආධාර ලබාදීම.
  2. දෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා වෘත්තීය පුහුණු පහසුකම් සැපයීම.
  3. ඔක්තෝබර් මස 15 වන දිනට යෙදෙන ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනය සැමරීම.