රෝගී සුභසාධන සේවා ඉටුකිරීම

රජයේ රෝහල්වලට පැමිණෙන අඩු ආදායම්ලාභී රෝගීන්ගේ සුභසාධන පහසුකම් ලබාදීම සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් (සමාජ සේවා) රජයේ මූලික රෝහල් බොහොමයක් සඳහා පූර්ණ කාලීනව මෙන්ම අර්ධ කාලීනව අනුයුක්ත කර ඇත. මෙසේ අනුයුක්ත කර ඇති නිලධාරීන් විසින්  රෝහල් ගතවී සිටින අඩු ආදායම්ලාභී රෝගීන්ගේ සුභසාධන කටයුතු හා ඔවුන්ගේ පසුභාර කටයුතු වෙනුවෙන් දිවයිනේ තිබෙන විවිධ ආයතන, දෙපාර්තමේන්තු, පාර්ශවකරුවන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ අන්තර් සබඳතා පවත්වා ගනිමින් පහත සඳහන් සුභසාධන කටයුතු ඉටු කිරීම සඳහා සෘජුව මැදිහත් වේ.

  1. වෛද්‍ය ආධාර ලබාදීම සඳහා සම්බන්ධීකරණය කිරීම.
  2. රෝහල් ගතව සිටින ආබාධ සහිත පුද්ගලයින් සඳහා අත්‍යාවශ්‍ය ආධාරක උපකරණ කඩිනමින් ලබාදීම සඳහා සම්බන්ධීකරණය කිරීම.
  • රෝහල් ගතව සිටින ආබාධ සහිත පුද්ගලයින්ගේ නිවාසවල යටිතල පහසුකම් හා අවශ්‍යතා සඳහා සංවර්ධනය කිරීම සඳහා සම්බන්ධීකරණය කිරීම.