මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීම හා වෘත්තීමය හැකියාවන් වැඩි දියුණු කර සමාජ ගත කිරීම මෙම වැඩසටහන මගින් සිදුකෙරේ. විවිධ මත්ද්‍රව්‍ය භාවිතය නිසා ජීවිතය අඳුරු කරගත් මෙම පිරිස මෙම ආයතනයට ඇතුළත්වීමෙන් පසු මනෝ චිකිත්සක, මනෝ විද්‍යාත්මක උපදේශන ක්‍රමවේදයන් හා වෛද්‍ය විද්‍යාත්මක ප්‍රවේශයන් ඔස්සේ පුනරුත්ථාපන ක්‍රියාවලියට යොමු කෙරේ. එම කාලය තුළ අභ්‍යාසලාභීන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා යෝගී භාවනා හා ආගමික වැඩසටහන්ද පවත්වනු ලැබේ. අභ්‍යාසලාභීන් පුනරුත්ථාපනය වන කාලය තුළ නේවාසික පහසුකම්, ආහාරපාන, වෛද්‍ය පහසුකම් නොමිලේ සැපයේ. අභ්‍යාසලාභීන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන වෘත්තීමය හැකියාවන් සංවර්ධනය කිරීමේ පුහුණුවක්ද නේවාසික කාලය තුළ ලබා දෙනු ඇත.

ප්‍රජා මට්ටමින් අවදානම් කණ්ඩායම් සඳහා මත් නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන් පැවැත්වීම ද සිදුවේ.