සමාජ සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ වෙසෙන විවිධ ආබාධ සහිත දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කිරීම සඳහා මැදිහත්වීමේ ජාතික වැඩසටහනක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය මූලික කරගත් ආදර්ශ ව්‍යාපෘතියක් 2003 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර, එය මහරගම, වෙල පාර, අංක 11, ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානය කේන්ද්‍ර කොට ගෙන ක්‍රියාත්මක කරනු ලබයි.

ව්‍යාපෘතියේ අරමුණු

  1. ළමා ආබාධ කල් ඇතිව හඳුනාගෙන ඒ සඳහා මැදිහත්වීමේ වඩාත් ඵලදායී ක්‍රමවේදයක් හඳුන්වාදීම.
  2. ආබාධ සහිත දරුවනට සේවා සැපයීම් හා සම්බන්ධ විවිධ ක්ෂේත්‍රවලට අදාළ ආයතන ඇතුළත් සේවා ජාලය ශක්තිමත් කිරීම.
  3. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ මුල් ළමාවිය අධ්‍යාපනය හා අන්තර්කරණය ශක්තිමත් කිරීම සඳහා මැදිහත්වීම.
  4. දෙමාපියන් හා පවුලේ සාමාජිකයන්ගේ මානසික තත්වය වඩාත් යහපත් තත්වයකට ගෙන ඒම සඳහා මැදිහත්වීම.
  5. මේ ව්‍යාපෘතිය අනෙකුත් දිස්ත්‍රික් සඳහා හඳුන්වා දීම.

මුල් ළමාවිය සංවර්ධන ආයතනය මඟින් පහත සඳහන් සේවා ඔබේ දරුවා වෙනුවෙන් නොමිලේ ලබාදෙනු ලැබේ.

  1. ආබාධ සහිත දරුවන්ගේ සංවර්ධනය සඳහා තනි, කුඩා කණ්ඩායම් හා කණ්ඩායම් පන්ති පැවැත්වීම.
  2. භෞත චිකිත්සක , වෘත්තීය චිකිත්සක හා කථන චිකිත්සක සේවාවන් ලබාදීම.
  • විශේෂිත දරුවන් ඉලක්ක කරගත් පෙර පාසල් ගුරු පුහුණු පාඨමාලා පැවැත්වීම.
  1. දෙමාපිය මානසිකත්වය ඉහළ නැංවීම සඳහා වැඩසටහන් පැවැත්වීම.
  2. සෞඛ්‍ය සායන හා මනෝ උපදේශන සේවාවන් සැපයීම.
  3. අධ්‍යාපනික හා විනෝද චාරිකා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරී හෝ සංවර්ධන නිලධාරීන්ගෙන් (සමාජ සේවා) වැඩි විස්තර ලබා ගත හැක.