ආබාධ සහිත පුද්ගලයින් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම

ආබාධ සහිත තත්වයෙන් පසුවන තරුණ / තරුණියන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කරමින්, ආත්මාභිමානයෙන් යුතුව ස්වාධීනව නැගී සිටීමට ඉඩප්‍රස්ථා සපයාදෙමින් ඔවුන් ජාතික ශ්‍රම බලකායේ සක්‍රීය කොටස්කරුවන් කිරීම මෙහි අරමුණයි. ඒ සඳහා ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කරගත හැකි පරිදි වෘත්තීය ක්‍රියාකාරකම් පිළිබඳ පුහුණුවක් ලබාදීමත් ඉන් අනතුරුව සමාජ ගත කිරීමත් සිදුකෙරේ.

ප්‍රධාන දිස්ත්‍රික් පහ (05) ක වෘත්තීය පුහුණු ආයතන අට (08) ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

දිස්ත්‍රික්කය පුහුණු ආයතනය
ගම්පහ සීදූව වෘත්තීය පුහුණු ආයතනය
අමුණුකුඹුර වෘත්තීය පුහුණු ආයතනය
රාගම රෝහලට අනුබද්ධ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
මහනුවර වත්තේගම වෘත්තීය පුහුණු ආයතනය
කැටවල වෘත්තීය පුහුණු ආයතනය
හම්බන්තොට තෙලඹුයාය වෘත්තීය පුහුණු ආයතනය
රත්නපුර කලවාන වෘත්තීය පුහුණු ආයතනය
පුත්තලම මාදම්පෙ වෘත්තීය පුහුණු ආයතනය
මඩකලපුව වාලච්ඡේන වෘත්තීය පුහුණු ආයතනය
ත්‍රිකුණාමලය ත්‍රිකුණාමලය වෘත්තීය පුහුණු ආයතනය

අවශ්‍ය සුදුසුකම්

  1. වයස - අවුරුදු 16 - 35 ත් අතර
  2. පහත සඳහන් ආබාධිත තත්ත්වයන් ඇති පුද්ගලයකු වීම.
    1. ශ්‍රවණ හා කථන ආබාධ
    2. චලන ආබාධ
  • දෘශ්‍යාබාධ
  1. මන්ද මානසික (සෙමෙන් මනස වැඩෙන)
  2. අපස්මාරය
  3. මානසික රෝග
  • බහු ආබාධ

 (අවශ්‍ය අවස්ථාවලදී ලියාපදිංචි වෛද්‍ය වරයෙකුගෙන් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුය)

  1. මූලික දෛනික අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි වීම.

තෝරාගැනීමේ ක්‍රමවේදය

  1. පදිංචි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමාජ සේවා නිලධාරී හෝ සංවර්ධන නිලධාරී (සමාජ සේවා) මගින් අයදුම් පත් ලබාගත යුතුය.
  2. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී හෝ සංවර්ධන නිලධාරී (සමාජ සේවා) වෙත බාරදිය යුතුය.
  3. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලද අයදුම්පත් සමාජ සේවා දෙපාර්තමේන්තුව වෙත ලබාගැනීමෙන් පසුව විධිමත් සම්මුඛ පරීක්ෂණයකට ලක්කොට පාඨමාලා සඳහා සුදුසු අභ්‍යාසලාභීන් තෝරාගනු ලැබේ.

සැපයෙන පහසුකම්

  1. නොමිලේ ආහාර පාන, වෛද්‍ය හා නේවාසික පහසුකම් ලබාදීම.
  2. පුහුණුවන්නන් සඳහා දිනකට රු. 00 ක දීමනාවක් ලබාදීම.
  3. නිල ඇඳුම්, සැහැල්ලු ඇඳුම්, පාවහන් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීම.
  4. සාර්ථක පුහුණුව අවසානයේ ස්වංරැකියාවක් සඳහා රු. 25,000.00 ක උපරිම වටිනා කමකින් යුත් මෙවලම් කට්ටලයක් ලබාදීම.
  5. වෘත්තීය පුහුණුවට අමතරව බාහිර ක්‍රියාකාරකම්
    1. ජාතික මට්ටමේ ක්‍රීඩා හා කලා කටයුතු සඳහා අවස්ථාව ලබාදීම.
    2. විනෝද චාරිකා , නායකත්ව පුහුණුව , සංඥා භාෂා පුහුණුව , දිශානතිය හා චලතා පුහුණුව ලබාදීම.
  6. පාඨමාලාව සාර්ථකව අවසන් කරන අභ්‍යාසලාභීන් රැකියාගත කිරීම සඳහා සම්බන්ධීකරණය සිදුකිරීම.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරී හෝ සංවර්ධන නිලධාරීන්ගෙන් වැඩි විස්තර ලබා ගත හැක