පුත්තලම දිස්ත්‍රික්කයේ ආබාධ සහිත පුද්ගලයින් ආර්ථික වශයෙන් සවිබලගැන්වීමේ සංවර්ධන සැලැස්මේ එක් වැදගත් පියවරක් 2021.01.26 දින පල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ආරම්භ කිරීමට හැකි විය.

ඒ මොබිටෙල් සමාගම හා ඒකාබද්ධ වෙමිනි. දිවයිනේ ප්‍රථම වරට ආබාධ සහිත පුද්ගලයින් හා ඔවුන්ගේ භාරකරුවන් මොබිටෙල් සමාගමේ ග්‍රාමීය නියෝජිතයින් ලෙස පුහුණු කර බඳවාගැනීම සිදු වූ අතර ඔවුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් හා මොබිටෙල් සමාගමේ කලාප හා දිස්ත්‍රික් ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් අද දින පල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදුවිය.

පල්ලම ප්‍රාදේශීය ලේකම් ලක්ෂිමා දිමුතු කුමාරි මහත්මිය ඇතුළු පල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා එහි සමාජ සේවා අංශය මෙම අවස්ථාව සංවිධානය කර තිබුණි.

දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ද මේ වන විට මෙම වැඩසටහන ආරම්භ කර ඇති අතර මෙය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක තුන් අවුරුදු සංවර්ධන සැලැස්මේ ආබාධ සහිත පුද්ගල පවුල් 1000ක් ව්‍යවසායකයින් ලෙස සංවර්ධනය කිරීමේ ඉලක්කගත වැඩසටහනේ එක් පියවරකි

1  2  3 
 4  5  6
 7  8  9
 10  11  12
 13  14