දැක්ම

“2030 වන විට ආන්තිකරණයට හා අවාසි සහගත තත්වයන්ට පත් ප්‍රජාවගේ අයිතිවාසිකම් හා සමානාත්මතාවය සපිරි සුරක්ෂිත ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ පුරෝගාමියා වීම.”

මෙහෙවර

“ඉලක්ක ගත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා සවිබලගැන්වීම තුළින් සමාජ අන්තර්කරණය උදෙසා අන්තර් ආයතනික සම්බන්ධීකරණය හා වෘත්තීයවේදිමය මැදිහත්වීම මඟින් නවෝත්පාදන ප්‍රවේශයන් ඔස්සේ වේගවත්ව, කාර්යක්ෂමව හා සඵලදායීව පර්යේෂණ පැවැත්වීම, ප්‍රතිපත්ති සම්පාදනය සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම තුළින් අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගැනීම.”

අරමුණු

  1. වයස අවුරුදු 16 - 35 අතර ආබාධ සහිත තරුණ තරුණියන් වෘත්තීය පුහුණුව හා බාහිර ක්‍රියාකාරකම් තුළින් ජීවන කුසලතා වර්ධනය.
  2. රැකවරණය අවශ්‍ය සහ භාරකරුවන් අහිමි බුද්ධි ඌණතා ඇති ළමුන් සඳහා පූර්ණ කාලීන නේවාසික රැකවරණය ලබාදීම හා කුසලතා සංවර්ධනය.
  3. වයස මාස 03 සිට අවුරුදු 16 දක්වා විවිධ ආබාධවලින් පෙළෙන ළමුන්ගේ ආබාධිත තත්වය අවම කිරීම සහ කුසලතා සංවර්ධනය සඳහා කල්තියා මැදිහත්වීම.
  4. ආබාධ සහිත ප්‍රජාව දෛනික ජීවිතයේ දී මුහුණපාන විවිධ ගැටළු අවම කිරීම සඳහා මැදිහත්වීම හා සවිබලගැන්වීම.
  5. ශ්‍රව්‍යාබාධිත හා කථනාබාධිත පුද්ගලයන් සවිබල ගැන්වීම.
  6. මතට ඇබ්බැහිවූවන් නේවාසිකව පුනරුත්ථාපනය, වෘත්තීය පුහුණුව හා සමාජගත කිරීම.
  7. ප්‍රජා මට්ටමින් මත් නිවාරණය සඳහා මැදිහත් වීම.
  8. විවිධ කාලීන සමාජ ගැටළුවලට ගොදුරු වූ පුද්ගලයින් සඳහා නිවැරදි මාර්ගෝපදේශකත්වය ලබාදීම සඳහා පර්යේෂණ පැවැත්වීම, මැදිහත් වීම හා ප්‍රතිපත්ති සම්පාදනය.
  9. ආබාධ සහිත තැනැත්තන්ගේ සෞන්දර්ය හා ක්‍රීඩා කුසලතා ඔප් නැංවීම සඳහා ජාතික වැඩසටහන් සංවිධානය.
  10. දෘෂ්‍යාබාධිත පුද්ගලයන් සවිබලගැන්වීම.
  11. ආබාධ සහිත තැනැත්තන්ට සේවා සපයන ස්වේච්ජා සංවිධාන සඳහා දිරිය ලබාදීම.
  12. ආබාධ සහිත වූවන්ට නව රැකියා ඉඩ ප්‍රස්ථාවන් සඳහා සම්බන්ධීකරණය හා ඔවුන්ගේ රැකියා පරිශ්‍ර සුරක්ෂිතත්වයට මැදිහත් වීම.
  13. අවාසිසහගත හා ආන්තීකරණයට ලක් වූ ප්‍රජාවට සේවා සපයන සවේච්ඡා සේවකයින් ජාතික මට්ටමින් සම්බන්ධීකරණය හා ඊට අදාල දත්ත පද්ධතිය පවත්වා ගැනීම.
  14. රෝහල්ගතව සිටින හා ඉන් පිටව යන රෝගීන්ගේ විශේෂ සුභසාධන අවශ්‍යතාවයන් ඉටු කිරීමට මැදිහත් කරුවෙකු ලෙස ක්‍රියා කිරීම.
  15. සේවා සපයන නිලධාරීන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප සංවර්ධනය.‍

ක්‍රියාකාරකම්

  1. ආබාධ සහිත තරුණ, තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබාදීම.
    1. වෘත්තීය පුහුණු ආයතන හරහා අවුරුදු 16-35 අතර තරුණ, තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම
    2. සාර්ථක වෘත්තීය පුහුණුවක් අවසානයේ ස්වයං රැකියා සඳහා වෘත්තීය මෙවලම් කට්ටල ලබාදීම.
    3. සෞන්දර්ය හා ක්‍රීඩා කුසලතා සංවර්ධනය කිරීම.
  2. බුද්ධි ඌනතා සහිත පුද්ගලයන් සඳහා රැකවරණය සැලසීම.
    1. රැකවරණ මධ්‍යස්ථාන 02 ක් මගින් පූර්ණ කාලීනව දෙමාපියන් හා භාරකරුවන් අහිමි බුද්ධි ඌනතා සහිත දරුවන්, කාන්තාවන් හා පිරිමින් සඳහා රැකවරණය ලබාදීම.
    2. ඔවුන්ගේ සෞන්දර්ය, ක්‍රීඩා හා වෘත්තීය කුසලතා සංවර්ධනය කිරීම.
  3. ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථාන හා කුසලතා සංවර්ධන මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීම.
    1. ආබාධ සහිත තත්ත්වය වැලැක්වීම හා අවම කිරීම සඳහා පුද්ගල සංවර්ධනය හා පවුල් සංවර්ධනය සඳහා කටයුතු කිරීම
      • ළමයින්ගේ වර්ධන තත්ත්ව තක්සේරු කිරීම මගින් ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කිරීම. (තනි පුද්ගල හා කණ්ඩායම් ලෙස)
      • ඉදිරි සංවර්ධන සැලසුම් වලට අනුව සකස් කරන ලද පුනරුත්ථාපන සැලසුමට අදාල සේවාවන් දියත් කිරීම හා පසු විපරම් කිරීම
      • සේවා ලාභී පවුල් වල මානසික තත්ත්වය නගා සිටුවීම සඳහා විවිධ ක්‍රියාකාරකම් සිදුකිරීම
    2. රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සඳහා ආදර්ශ මධස්ථානයක් ලෙස කටයුතු කිරීම හා ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථාන සංකල්පය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම
    3. ළමා මාර්ගොපදේශනය හා කුසලතා සංවර්ධනය සම්බන්ධයෙන් දැනුවත් කිරීම්, පුහුණු කිරීම් හා විවිධ මග පෙන්වීම.
    4. ඔවුන්ගේ විවිධ කුසලතා සංවර්ධනය, විධිමත් අන්තර්කරණ අධ්‍යාපනය සඳහා සූදානම් කිරීම, මැදිහත් වීම හා වෘත්තීය පුහුණුව සඳහා සූදානම් කිරීම
  4. ජාතික ප්‍රජා මූලික පුනරුත්ථාපනය (CBR).
    1. ග්‍රාමීය, ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් ආබාධ සහිත ප්‍රජාව හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධීකරණය හා සංවිධානගත කිරීම.
    2. ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් හා සමානාත්මතාවයන් තහවුරු කිරීම සඳහා ආබාධ සහිත පුද්ගලයන්, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හා සහායක කණ්ඩායම් සවිබලගැන්වීම.
    3. ආබාධ සහිත පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා මූල්‍යමය ආධාර ලබාදීම.
    4. ආබාධ සහිත ප්‍රජාව, පවුල්, සහායක කණ්ඩායම් හා තෝරාගත් නිලධාරීන් පුහුණු කිරීම හා ඇගයීම.
    5. ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම සහ යාවත් කාලීන කිරීම.
    6. ආබාධ සහිත පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය ඉහල නැංවීම සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණය කිරීම.
  5. ශ්‍රව්‍යාබාධිත හා කථනාබාධිත පුද්ගලයන් සවිබල ගැන්වීම.
    1. ජාතික උත්සව, ජනමාධ්‍ය, අධිකරණ වැනි ආයතන මෙන්ම සේවාවන් අවශ්‍ය ආයතන සඳහා සංඥා භාෂා පරිවර්තන සේවාව ලබාදීම.
    2. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල නිලධාරීන්හට සංඥා භාෂා පුහුණුව ලබාදීම.
    3. ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීම.
  6. මත්ලෝලීන් පුනරුත්ථාපනය.
    1. පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුල අධිකරණ මගින් හා ස්වෙච්ඡාවෙන් යොමු වන මත් ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් හට නේවාසික පුනරුත්ථාපනය ලබාදීම.
    2. මත් ද්‍රව්‍යය වලට ඇබ්බැහිවූවන්ට හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට උපදේශනය ලබාදීම.
    3. පුනරුත්ථාපන සේවා ලාභීන්ට වෘත්තීය පුහුණුව ලබාදීම.
    4. ඔවුන් සමාජගත කිරීම හා පසුවිපරම් ක්‍රියාවලිය.
  7. ප්‍රජා මත් නිවාරණය.
    1. ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමින් ප්‍රජාව දැනුවත් කිරීම සඳහා මත් නිවාරණ කටයුතු සංවිධානය කිරීම.
    2. ප්‍රජා මට්ටමින් හා පාසල් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
    3. අවශ්‍ය අවස්ථාවන්හිදී උපදේශන සේවාවන් සැපයීම හා මත්නිවාරණ පුනරුත්ථාපනයට යොමු කිරීම.
  8. කාලීන සමාජ ගැටළු සඳහා මැදිහත් වීම.
    1. කාලීන සමාජ ගැටළු පිළිබඳ පර්යේෂණ පැවැත්වීම.
    2. ප්‍රතිපත්ති සම්පාදනය කිරීම.
    3. අවශ්‍ය අවස්ථාවලදී මාර්ගෝපදේශනය සැපයීම.
  9. ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
    1. සිත් රූ ප්‍රසංගය පැවැත්වීම (ආබාධ සහිත පුද්ගලයන්ගේ කලා හා සංස්කෘතික මංගල්‍යය).
    2. ආබාධ සහිත පුද්ගලයින් සඳහා වූ ජාතික මලල ක්‍රීඩා උළෙල පැවැත්වීම.
    3. වෘත්තීය පුහුණු ආයතන වල ආබාධ සහිත තරුණ තරුණියන් සඳහා වූ සිංහල අවුරුදු උත්සවය පැවැත්වීම.
    4. ස්ව අභිමානී ජාතික සම්මාන ප්‍රදාන උත්සවය පැවැත්වීම (ආබාධ සහිත වූවන් ඔවුන්ගේ පවුල් සාමාජිකයන් හා සංවිධාන, සේවා සපයන ආයතන හා නිලධාරීන් ඇගයීම).
  10. දෘශ්‍යාබාධිත පුද්ගලයන් සවිබල ගැන්වීම
    1. දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදල ක්‍රියාත්මක කිරීම
    2. දෘශ්‍යාබාධිත සිසුන් සඳහා ශිෂ්‍යත්ව, ශිෂ්‍යාධාර හා අවශ්‍ය ආධාරක උපකරණ ලබාදීම
    3. ජාත්‍යන්තර සුදුසැරයටි සුරක්ෂා දින සැමරුම
  11. ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් සේවා සපයන ස්වෙච්ඡා සංවිධාන දිරිගැන්වීම.
    1. නඩත්තු ආධාර සැපයීම.
    2. ප්‍රවාහන දීමනා සැපයීම.
    3. පෙර පාසැල් ගුරු දීමනා ලබාදීම.
  12. ආබාධ සහිත පුද්ගලයන් සඳහා නව රැකියා ඉඩ ප්‍රස්ථා ලබාදීම
    1. පුද්ගලික අංශයේ නව රැකියා අවස්ථා හඳුනාගෙන අදාල සම්බන්ධීකරණය ඉටු කිරීම
    2. එම රැකියා පරිශ්‍රයතුල ආබාධ සහිත සේවා නියුක්තිකයාට වඩාත් හිතකර වටපිටාවක් ගොඩ නැංවීම
    3. රැකියා මාර්ගෝපදේශකයන් (Job Coacher) ලෙස දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන් පුහුණූ කිරීම
  13. අවාසිසහගත හා ආන්තීකරණයට ලක් වූ ප්‍රජාවට සේවා සපයන සවෙච්ඡා සේවකයින් ජාතික මට්ටමින් සම්බන්ධීකරණය හා ඊට අදාල දත්ත පද්ධතියක් පවත්වාගෙන යාම.
    1. ස්වෙච්ඡා සේවකයන් හා ආයතන වෙබ් අඩවිය හරහා ලියාපදිංචි කිරීම.
    2. ස්වෙච්ඡා සේවකයින් හා සේවා අවශ්‍ය පුද්ගලයින් අතර සම්බන්ධීකරණය කිරීම.
    3. දත්ත පද්ධතිය පවත්වා ගැනීම හා යාවත් කාලීන කිරීම.
    4. ස්වෙච්ඡා සේවය ඇගයීමට ලක් කිරීම.
  14. රෝගී සුභසාධන සේවාවන් සිදුකිරීම.‍
    1. ආධාරක උපකරණ ලබාදීම
    2. පුද්ගල හා පවුල් පුනරුත්ථාපන සේවාවන් ලබාදීම
    3. හදිසි හා විශේෂිත සේවාවන් ලබාදීම
  15. සේවා සපයන නිලධාරීන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප සංවර්ධනය.‍
    1. පර්යේෂණ පැවැත්වීම
    2. දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
    3. දේශීය හා විදේශීය පුහුණු ලබාදීම
    4. බැහැර ගත ක්‍රියාකාරකම්, වැඩමුළු පැවැත්වීම.