| සමාජ සේවා දෙපාර්තමේන්තුව |
සමාජ සේවා දෙපාර්තමේන්තුව ආබාධිත තැනැත්තන් උදෙසා සුබ සාධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රීමත් අයිවර් ජෙනින්ස්ගේ ප්‍රධානත්වයෙන් යුත් රාජකීය කොමිසමක උපදෙස් මත 1948 දී පිහිටවනු ලැබීය.
ආබාධිත සහ මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ ජීවන තත්ත්වයන් නගා සිටුවා ඔවුනගේ පවුල් හා සමාජය මත බරක් නොවන අයුරින් යහපත් ජීවිතයක් ගතකිරීමට සලසාදීම සඳහා දෙපාර්තමේන්තුව මගින් සේවා රැසක් සැපයේ.
නව ආයතන, සේවා සහ සේවක මණ්ඩල වර්ධනයන් හේතු කොටගෙන වඩාත් හොඳ සේවයක් සැලසීමට සහ පලාත් සභා සමග පලදායී සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවට හැකිවී ඇත.
|
| |
ප්‍රවෘත්ති සහ සිද්ධීන්
වෘත්තීය පුහුණු වැඩසටහන
ශ්‍රව්‍යාබාධිත, ශාරීරිකව ආබාධිත, දෘශ්‍යාබාධිත සහ මානසිකව ඌන වර්ධන අවුරැදු 18-35 අතර වූ තරැණයන් සඳහා වෘත්තීය පුහුණුවක් ලබාදෙනු ලැබේ.
තවත්.....
|
|
|

|
| පුහුණු වැඩසටහන් |
ආබාධිත තැනැත්තන් පුනරැත්ථාපනය කිරීම
මේ ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ආබාධිත තැනැත්තන්ට, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගනිමින් පූර්ණ සහභාගිත්වයෙන් යුතු අභිමානවත් ජීවිතයක් ගත කළ හැකි පරිසරයක් ගොඩනැගීම වේ. ආබාධිත තැනැත්තන් සඳහා වූ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 19 වෘත්තීය පුහුණුව සපයයි. සමාජ සේවා දෙපාර්තමේන්තුව පහත දැක්වෙන ආකාරයට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 5 ක් සෘජුවම පවත්වා ගෙන යනු ලැබේ.
තවත්....... |
|
|